Saturday, May 10, 2025
Home » IMF සමඟ නව එකඟතා කිසිවක් නැහැ

IMF සමඟ නව එකඟතා කිසිවක් නැහැ

by chanaka
September 18, 2023 11:54 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් ඇති කර නොගන්නා බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත ඊයේ(17)අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදේශ ණය ප්‍රශස්තකරණය සඳහා මූලික අවශ්‍යතාවයක් වූ දේශීය ණය ප්‍රශස්තකරණය මේ වන සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති නිසා විදේශ ණය ප්‍රශස්තකරණයද නුදුරේදීම අවසන් කළ හැකිවනු ඇති බවයි.

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය පිලිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එය මෙරටට දේශපාලනික සහ ආර්ථික වශයෙන් ඉතාම වැදගත් අවස්ථාවක් බවයි.

(තිසර සමල් – අනුරාධපුර)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT