532
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් ඇති කර නොගන්නා බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත ඊයේ(17)අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදේශ ණය ප්‍රශස්තකරණය සඳහා මූලික අවශ්‍යතාවයක් වූ දේශීය ණය ප්‍රශස්තකරණය මේ වන සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති නිසා විදේශ ණය ප්‍රශස්තකරණයද නුදුරේදීම අවසන් කළ හැකිවනු ඇති බවයි.
ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය පිලිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එය මෙරටට දේශපාලනික සහ ආර්ථික වශයෙන් ඉතාම වැදගත් අවස්ථාවක් බවයි.
(තිසර සමල් – අනුරාධපුර)