Saturday, May 10, 2025
Home » නීති විරෝධී කටයුත්තක නිරත වූයේ නැහැ – ධනුෂ්ක ගුණතිලක

නීති විරෝධී කටයුත්තක නිරත වූයේ නැහැ – ධනුෂ්ක ගුණතිලක

by chanaka
September 18, 2023 12:31 pm 0 comment

සිඩ්නි තරුණියක සමග ලිංගික කටයුතුවල නිරතවීමේදී තමා කිසිදු නීති විරෝධී කටයුත්තක නිරත නොවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසා ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇතැයි auslankatv වාර්තා කර තිබේ.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කර තිබූ නමුත් එයින් 03 ක් මේ වනවිට ඉවත් කරගෙන ඇත.

තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීමේ චෝදනාව පමණක් ඔහුට එරෙහිව තවමත් පවති.

අද අධිකරණයේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් සඳහන් කෙරුණේ සිය සේවාදායිකාවට එක් අවස්ථාවකදී මරණ බිය පවා දැනී ඇති බවයි.

අද උදෑසන විනිසුරු සාරා හගෙට් ඉදිරියේ අපේක්ෂිත සිව්දින නඩු විභාගයට පෙර ධනුෂ්ක ගුණතිලක, තවත් කාන්තාවක් සමඟ අත්අල්ලාගෙන අධිකරණ සංකීර්ණයට පැමිණ ඇති බව ද වාර්තා වේ.

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත දැනට සිඩ්නි නුවර සිරවී සිටින ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබී ඇති මුත් එරටින් පිටවීම තහනම්ය. එසේම ඔහුට සමාජ මාධ්‍ය භාවිතයද මෑතක් වනතුරු තහනම් කර තිබී මෑතකදී ලිහිල් කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT