සිඩ්නි තරුණියක සමග ලිංගික කටයුතුවල නිරතවීමේදී තමා කිසිදු නීති විරෝධී කටයුත්තක නිරත නොවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසා ඇත.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇතැයි auslankatv වාර්තා කර තිබේ.
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කර තිබූ නමුත් එයින් 03 ක් මේ වනවිට ඉවත් කරගෙන ඇත.
තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීමේ චෝදනාව පමණක් ඔහුට එරෙහිව තවමත් පවති.
අද අධිකරණයේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් සඳහන් කෙරුණේ සිය සේවාදායිකාවට එක් අවස්ථාවකදී මරණ බිය පවා දැනී ඇති බවයි.
අද උදෑසන විනිසුරු සාරා හගෙට් ඉදිරියේ අපේක්ෂිත සිව්දින නඩු විභාගයට පෙර ධනුෂ්ක ගුණතිලක, තවත් කාන්තාවක් සමඟ අත්අල්ලාගෙන අධිකරණ සංකීර්ණයට පැමිණ ඇති බව ද වාර්තා වේ.
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත දැනට සිඩ්නි නුවර සිරවී සිටින ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබී ඇති මුත් එරටින් පිටවීම තහනම්ය. එසේම ඔහුට සමාජ මාධ්‍ය භාවිතයද මෑතක් වනතුරු තහනම් කර තිබී මෑතකදී ලිහිල් කර තිබුණි.