2022 වසරේ දෙවැනි කාර්තුව වාර්තා කළ 11.5%ක් වූ ඍණ ආර්ථික වර්ධනය 2023 වසරේ එම කාලය තුළ මෙරට ආර්ථිකය 3.1%ක ඍණ වර්ධනයක් සටහන් කරමින් වර්ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ කෘෂිකාර්මික, නවාතන් සහ ආහාර ක්ෂේත්‍ර එම වර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දී ඇති බවයි. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති 2023 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා වූ නිෂ්පාදන ප්‍රවේශ වාර්තාව පදනම් කරගනිමින් සේවා අංශයේ සහ කර්මාන්ත අංශය ලක්ව ඇති පසුබෑම ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කර්මාන්ත අංශය 11.5%ක ඍණ වර්ධනයක් පෙන්නුම් කරන අතර ඉදිකිරීම් කර්මාන්තය පමණයක් 23.1%ක ඍණ වර්ධනයක් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි එසේ ම සේවා අංශය 0.8%ක ඍණ වර්ධනයක් පෙන්වන අතර ඉන් මූල්‍ය ක්ෂේත්‍රය18.8%ක ඍණ වර්ධනයක් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම තත්ත්වයන් හඳුනා ගනිමින් ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බැංකු පොලී අනුපාත පහත හෙලීම හේතුවෙන් මූල්‍ය ක්ෂේත්‍රය ද ඉදිරි කාර්තු දෙක තුළ වර්ධනය වනු ඇති බවයි.
කෙසේ වෙතත් සංචාරකයක් පැමිණීමත් සමග 34.2%කින් වර්ධනය වී ඇති ආහාර සහ නවාතැන් ක්ෂේත්‍රය තව දුරටත් වර්ධනය කිරීමට සඳහා අවශ්‍ය පියවර රජය ගනිමින් ඇතැයි ද වැඩ බලන මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.