අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 159 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ ගුණ සැමරුම් වැඩසටහනක් ඊයේ (17) උදෑසන පොලොන්නරුව නවනගරයේ පිහිටි අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ පිළිරුව අබියසදී හා සමාධි උයන කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
පොලොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බළ මණ්ඩලය විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි.
එහිදී දම්පල් පිළිරුවට මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් හා දහම් පාසල් දරුවන් පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළ අතර, උපහාර උත්සවය පොලොන්නරු නවනගයේ පිහිටි සමාධි උයන පරිශ්‍රයේදී පැවැත්විණි. අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් මෙරටට සිදු කළ ආගමික, ජාතික හා සමාජීය සේවාව පිළිබඳව පොලොන්නරු ශාසනාරක්ෂක බළ මණ්ඩලයට අයත් දහම් පාසල් 43ක දරුදැරියන් අතරේ පැවති ගද්‍ය, පද්‍ය රචනා හා කථික තරගවලින් ජය ගත් දරුදැරියන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානයද මීට සමගාමීව සිදු කරනු ලැබීය.
සිරිපුර – මදුශානි අබේසිංහ