Home » වසර 25 ක් තමන් ළඟ සිටි ගවයාගේ මරණය වෙනුවෙන් කළ සත් ක්‍රියාව

වසර 25 ක් තමන් ළඟ සිටි ගවයාගේ මරණය වෙනුවෙන් කළ සත් ක්‍රියාව

by yasara
September 18, 2023 12:04 pm 0 comment

දෙමාපියන් උදෙසා පවා සිය දුවා දරුවන්ගෙන් ගෞරවනීය අවමංගල්‍ය උළෙලක් අහිමි වන යුගයක,සිය නිවසේ වසර 25 ක් ඇති දැඩිවුණු තිරිසන් සත්වයෙකු නමින් පාංශූ කූලය සහිත පූර්ණ ආගමික වතාවත් පැවැත්වූ අවමංගල්‍ය උළෙලක් පිළිබදව අපට වාර්තා වෙයි

පුත්තලම මදුරන්කුලිය වීරපුර පදිංචි පැන්ටලින් විජේසිංහ මහතා,සිය දරුවෙකු මෙන් නිවසේ හැදුණු වැඩුණු හඳයා නම් ගවයා උදෙසා මෙම අවමංගල්‍යය වතාවත් සිදු කර තිබෙයි

සිව් වසරකට ආසන්න කාලයක් ඔත්පලව සිටි හදයාට පැන්ටලින් මහතා ඇතුලු පවුලේ උදවිය නොමසුරුව උපස්ථානයන් සිදු කර ඇත.එනමුදු හදයා කරා ද ලෝ දහමට අනුව මරණ ලගා වී ඇත.

හදයාගේ පාංශකූල වතාවත් සදහා කල්පිටිය ශ්‍රී අන්තර් සමුද්‍ර පිරිවෙණේ භික්ෂූන් වහන්සේලා සත් නමක් වැඩ සහභාගී වි ඇත.

පැන්ටලීන් මහතා වීරපුර තැපල් දෙපාර්තුමේන්තුවේ සේවයේ නියුතු කතෝලික බැතිමතෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT