ලොව උසම සුනඛයාගේ ගිනස් වාර්තාවට හිමිකම් කියන අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිටි ‘සියුස්‘ නමැති සුනඛයා මිය ගිය බව ‘පීපල්‘ සඟරාව වාර්තා කළේය. අඩි 3කුත්, අඟල් 5ක් උසැති මේ සුනඛයා පිළිකා රෝගයට ගොදුරු වී සිටි අතර, මිය ගියේ නිව්මෝනියාව වැලඳීමෙන් බව පසුව තහවුරු වී තිබේ.
අවුරුදු 3ක් වයසැති ‘සියුස්‘ට අස්ථි පිළිකාවක් වැලඳී ඇති බව මීට පෙර සොයා ගෙන තිබූ අතර, ඉන් බේරා ගැනීමට ඉදිරිපස දකුණු පාදය පවා කපා දැමීමට සිදු වී තිබිණි. ‘සියුස්‘ගේ හාම්පුතා වන බ්‍රිටනි ඩේවිස්ට අනුව ගිනස් පොතට ගිය සුනඛයා මරණින් බේරාගැනීමට කළ හැකි සෑම වෛද්‍ය ප්‍රතිකාරයක්ම ලබා දී තිබේ.
‘එයාට හොඳම දොස්තරලා ප්‍රතිකාර කළේ. ජීවත් වෙන්න… අපිත් එක්ක තවත් කාලයක් ඉන්න ‘සියුස්‘ ගොඩාක් ආසා කළා. ඒත් අපේ හදවත් බිඳ දමලා එයා යන්න ගියා‘ ඇය එසේ ප්‍රකාශ කළ බව ‘පීපල්‘ සඟරාව වැඩිදුරටත් වාර්තා කළේය. ‘සියුස්‘ ලොව උසම සුනඛයා ලෙස ගිනස් වාර්තාවට ඇතුළත් වූයේ පසුගිය මාර්තුවේදීය.