Home » මෝදිගේ උපන් දිනයට රාහුල්ගෙන් සුබ පැතුම්

මෝදිගේ උපන් දිනයට රාහුල්ගෙන් සුබ පැතුම්

by sachintha
September 18, 2023 2:38 am 0 comment

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (17) සිය 73 වැනි උපන් දිනය සැමරූ බවත්, ඔහුට සුබ පැතුම් එක් කළ එරට දේශපාලනඥයන් අතර විපක්ෂ නායක රාහුල් ගාන්ධි ද සිටි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෝදිගේ නමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් ප්‍රසිද්ධ වේදිකාවේදී සිදු කිරීම හේතුවෙන් ගුජරාටි ප්‍රාන්තයේ අධිකරණයකින් වසර දෙකක සිර දඬුවම් ලබා පාර්ලිමේන්තු අසුනත්, නිල නිවෙසත් දෙකම අහිමි වී පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු තීන්දුව අත්හිටුවීම නිසා නැවත පාර්ලිමේන්තුවට පිවිසි රාහුල් ගාන්ධි ඉන්දීය අගමැතිවරයාගේ උපන් දිනයට සුබ පැතීම එරට මාධ්‍යයේ වැඩි කතාබහට ලක් වී තිබේ.

අගමැති මෝදිගේ උපන් දිනයට ජනාධිපතිනිය ඩ්‍රව්පදි මුර්මු ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ මැතිඇමැතිවරු මෙන්ම විදෙස් රාජ්‍ය නායකයන් ද, තානාපතිවරුන් ද සුබ පැතුම් එක් කර තිබිණි. උපන් දිනයට සුබ පැතූ උත්තර් ප්‍රදේශ් මහඇමැති යෝගී ආදිත්‍යනාත් අගමැතිවරයා හඳුන්වා දී ඇත්තේ ‘නව ඉන්දියාවේ ගෘහනිර්මාණ ශිල්පියා‘ ලෙසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT