බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්රිත ඇමසන් ප්‍රාන්තයේ ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා ඇමසන් වනාන්තරයේ ඉහළ අහසේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ අනතුර සිදු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ඇමසන් ප්‍රාන්තයේ මනෝස් අගනුවර දක්වා පියාසර කරමින් තිබූ එම කුඩා ගුවන්යානය කඩා වැටෙන විට එහි මගීන් 12 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සිටි බව ද වාර්තා වේ. අනතුර සම්බන්ධව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ වී ඇති අතර, ප්‍රාන්ත ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවය.
ද්විත්ව එන්ජින් සහිත ටර්බෝප්‍රොප් නමැති ගුවන්යානය මසුන් ඇල්ලීමේ නිරතව සිටි ව්‍යාපාරිකයකු විසින් කුලියට ගත් එකක් බව ද වාර්තා වේ.