වේල්සයේ වේගසීමා පාලනයට නීති සකස් කිරීමෙන් පසු ජනාකීර්ණ ප්‍රදේශවල පැයට සැතපුම් 30 සිට 20 දක්වා වේග සීමා අඩු කළ බ්‍රිතාන්‍යයේ පළමු රට බවට වේල්සය පත් වූ බව වාර්තා වේ. වේල්සයේ අමාත්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ පැයට සැතපුම් (කිලෝමීටර් 32) දක්වා වේග සීමාව පාලනය කිරීමෙන් මරණ සහ ශබ්ද දූෂණය අවම මට්ටමකට ළඟා වනු ඇති බවය. එමෙන්ම නව නීතිය නිසා ජනතාවට ඇවිදීමට සහ පාපැදි භාවිතයට දිරිගැන්වීමක් ද එමගින් සපයන බව ද වේල්සයේ රජය නිවේදනය කර තිබේ. කෙසේ වුවද නව නීතිය රියැදුරන් අතර මතභේදයට තුඩු දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, පරිසර හා මාර්ග ආරක්ෂණ සංවිධාන නව නීතියට සහාය දී ඇති අතර, මෙමගින් සෑම වසරකදීම වේල්සයේ පුද්ගලයන් 10 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි වේල්සයේ රජය අපේක්ෂා කරයි.