Home » හිජාබයට එරෙහි වී පොලිසියේදී මිය ගිය ඉරාන තරුණියගේ පළමු වසර සැමරේ

හිජාබයට එරෙහි වී පොලිසියේදී මිය ගිය ඉරාන තරුණියගේ පළමු වසර සැමරේ

by sachintha
September 18, 2023 1:40 am 0 comment

ඉරානයේ අනිවාර්ය කර ඇති හිජාබය කාන්තා හිස්වැස්ම පැලඳීමට විරෝධය පෑමෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 16 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු මහ්සා අමිනි නමැති 22 හැවිරිදි තරුණිය මිය යෑමේ කනගාටුදායක සිදුවීමට වසරක් පිරීම නිමිත්තෙන් ඉරානය ඇතුළු රටවල් රැසක ඉරාන විරෝධී කාන්තා උද්ඝෝෂණ හා විරෝධතා රැලි පවත්වා ඇතැයි වාර්තා වේ. ඇගේ මරණයේ වර්ෂපූර්ණය සමරමින් ඉරානයේ කාන්තා හිංසනයට, නිදහස සීමා කිරීමට සහ හිජාබය අනිවාර්ය කිරීමට එරෙහිව ඇගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ කාන්තාවන් හා පිරිමින් දහස් ගණනක් මේ විරෝධතාවට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මහ්සා අමිනිගේ මරණය මතින් ඉරානයේ කාන්තාවන්ට සදාකාලික නිදහස ලැබෙන තුරු සටන අත් නොහරින බව එරට තරුණ තරුණියන් පසුගිය වසර මුළුල්ලේහිම ඉරාන රජයට අනතුරු අඟවා තිබිණි. මහ්සා අමිනි මිය යෑමෙන් පසු ඉරාන විරෝධී උද්ඝෝෂණ හා ජන රැලි නවසීලන්තයේ ඕක්ලන්ඩ්, එංගලන්තයේ ලන්ඩන්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, අමෙරිකාවේ නිව්යෝක්, ප්‍රංශයේ පැරිස්, ඉතාලියේ රෝමය, දකුණු කොරියාවේ සෝල් වැනි ලොව ප්‍රධාන නගර රැසක ඉරානයේ කාන්තාවන්ට සහාය පළ කරමින් පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT