Thursday, September 28, 2023
Home » සූඩානයේ ගැටුම් වලින් තෙල් සමාගමකට දැඩි හානි

සූඩානයේ ගැටුම් වලින් තෙල් සමාගමකට දැඩි හානි

by yasara
September 18, 2023 11:26 am 0 comment

සූඩාන ගැටුම් හේතුවෙන් කාර්ටූම් අගනුවර උසම ගොඩනැගිල්ල ගිනි ගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වෙයි.

සූඩාන හමුදාව හා ප්‍රතිවාදී කණ්ඩායම් අතර දරුණු සටන් හේතුවෙන් කාර්ටූම්හි ග්‍රේටර් නයිල් පෙට්‍රෝලියම් තෙල් සමාගම් කුළුණ ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ සටන් ආරම්භ වූ දා සිට කාර්ටූම් සහ අනෙකුත් නගරවලට ගුවන් ප්‍රහාර එල්ල වූ අතර ගොඩබිම් සටන් ද අඛණ්ඩව පැවතුණා. ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් රට හැර ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

නයිල් නදිය ආසන්නයේ පිහිටා ඇති තට්ටු 18 කින් යුත් තෙල් සමාගමකට අයත් ගොඩනැගිල්ලකුයි මෙසේ විනාශ වී ඇති අතර මෙම ගැටුම් හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා නොවෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT