Home » කෝවිල කොල්ලකන්න ඇවිත් කෝවිලේ සිටි අයට පහර දීලා

කෝවිල කොල්ලකන්න ඇවිත් කෝවිලේ සිටි අයට පහර දීලා

by sachintha
September 18, 2023 2:39 am 0 comment

කිළිනොච්චියේ පුරුප්පුකුලම් ප්‍රදේශයේ කෝවිලක් කොල්ල කෑමට පැමිණි තරුණයින් පිරිසක් කෝවිලේ සැරසිලි කරමින් සිටි පිරිසකට පහර දීම නිසා කෝවිලේ සිටි පස් දෙනෙකු තුවාල ලබා පසුගියදා (14) කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

ඔවුන්ගෙන් තුන් දෙනෙකු ශල්‍යකර්මවලට භාජනය කොට ඇති අතර, සුළු තුවාල ලැබූ අනෙක් දෙදෙනා ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇත.පිරිසට ප්‍රහාර එල්ලකොට පලාගිය පිරිස අත්අඩංගුවට ගැනීමට කිළිනොච්චිය පොලිසිය පියවර ගෙන ඇත.

උතුරු ප්‍රදේශයේ කෝවිල් හා දේවස්ථානවල පින්කැට කැඩීම හා එවැනි සිද්ධස්ථානවල ඇති භාණ්ඩ පැහැර ගැනීම මෑතක සිට වැඩි වී ඇති බව කියන ආරක්ෂක අංශ සෑම කෝවිලකම ආරක්ෂාව ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස කෝවිල්වල භාරකාර පූජකවරුන්ට උපදෙස් දී තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT