රාගම-කොටුව ප්රධාන දුම්රිය මාර්ගයේ හොරපේ-එඬේරමුල්ල අතර දුම්රිය මාර්ගයේ තිබි දුම්රියෙන් ඇද වැටි මියගිය කාන්තාවකගේ මළ සිරුරක් 16 දින අලුයම හමුවු බව රාගම පොලිසිය පවසයි. හොරෙපේ දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට මීටර් 100 පමණ දුරින් දුම්රිය මාර්ගයේ සිරුර වැටි තිබුණ අතර අනතුරින් සිරුරේ එක් අතක් ගැලවී යාර කිහිපයක් ඇතට විසි ගොස් තිබු බවද පොලිසිය කියයි.
සිදු කරන ලද මුලික විමර්ශන කටයුතු වලදි මෙසේ මිය ගොස් ඇත්තේ නාවල, රාජගිරියේ, පාසල් මාවතේ පදිංචි අංත 1/23 නිවසේ පදිංචි වයස 59ක් වු චිත්රාංගනි ඩයස් අබේසිංහ යන අයෙකු බවට හඳුනා ගෙන ඇති බව රාගම පොලිසිය කියයි. ඇය පෞද්ගලික නීතිඥ සමාගමක සම්බන්ධිකරණ නිලධාරිනියකු (coordinator officer) වශයෙන් සේවය කරමින් සිට ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශන කටයුතුවල දී හෙළි කර ගත හැකි වු බව වු බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියි.
සිද්ධිය වු ස්ථානයේ තිබි මරණ කරුට අයත් අත් බෑගයක් සහ ජංගම දුරකතනයක්ද පොලිසිය විසින් සොයා ගෙන අත.අත් බෑගයේ තිබී අනුරාධපුරය සිට කොළඹ කොටුව බලා දුම්රියේ යාම සඳහා ලබා ගත් ටිකටි පතක්ද වු බව පොලිසිය පවසයි. පොලිසිය විසින් සොයා ගනු ලැබු ජංගම දුරකතනයේ තිබු අංක ඹස්සේ සිදුකළ විමර්ශනයේ දී ඇගේ
සහෝදරයෙකු සම්බන්ධ කරගැනිමට ගැනිමට පොලිසියට හැකිව ඇත. ඒ අනුව දුරකතන ඇමතුමකින් පොලිසියට කැඳවනු ලැබු පිලිප් ඩයස් අබේසිංහ නැමති ගුරුවරයෙකු මිය ගොස් සිටින්නේ තම සෙහොයුරිය බවට සනාථ කළ බව බව පොලිසිය කියයි. දැනට ලැබි ඇති තොරතුරු අනුව මෙම ප්රධාන දුම්රිය මාර්ගයේ ගමන් ගනිමින් තිබු දුම්රියකින් බිමට වැටි මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව පොලිසිය කියයි. රාගම පොලිසියේ ස්ථානාධිපති පුධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ
ප්රධානත්වයෙන් නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි. සිද්ධියෙන් මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් හදිසි මරණ පරික්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව රාගම පොලිසිය කියයි.
ජාඇල විශේෂ තිස්ස කොටින්කඩුව