මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමග 23 හැවිරිදි සැකකරුවෙකු ජාඇල ඒකල රජ මාවතේදී ඊයේ (17 ) සවස අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි. සැකකරුගෙන් වැඩිදුරු ප්‍රශ්න කිරිමේදී සැකකරු විසින් සොරකම් කරන ලද යතුරු පැදි 9යක් සහ ත්‍රිවිල් රථයක් ද ප්‍රදේශ කිපයක සිදුකල සෝදිසි කිරිම් වලදී අත්අඩංගුවට ගැනිමට හැකිවු බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති 23 හැවිරිදි සැකකරු සමග ඔහු විසින් සිදුකරන ලද වාහන සොරකම් වලට අනුබල දුන් ඔහුගේ 56 හැවිරිදි මවද හොර යතුරු පැදි මිළදි ගත් 33 හැවිරිදි ගැනුම්කරුවෙකුද අත්අඩංගුවට ගැනිමට හැකිවු බව පොලිසිය පවසයි.
සැකකරු පන්නල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ජාඇල උදම්විට ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන තම මවගේ ආධාර අනුබල ඇතිව සොරකමේ යෙදි ඇති බව විමර්ශන කටයුතු වලදි හෙලිවු බවද පොලිසිය සදහන් කරයි.
සැකකරු විසින් පසුගිය මාස කිහිපය ඇතුළත ජාඇල,කදාන,සිදුව,කටාන,මිගමුව,රද්දොලුව සහ කොචිචිකඩේ ප්‍රදේශවල මහමාර්ගයේ සහ රථගාල්වල නතර තර තිබුන යතුරු පැදි 13 ක් ත්‍රි රෝද රථයක් සොරා ගෙන අඩු මුදලකට අළෙවි කොට ඇති බව ප්‍රශ්නකිරිමේදි අනාවරණය වු බවද පොලිසිය පවසයි.
මේ වන විට සොරාගත් භාන්ඩ අතරින් යතුරු පැදි 8 සහ ත්‍රි රෝද රථය සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
සැකකරුවන් අද 18 දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.