Home » ලක්ෂ 17ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ කතක් දැලේ

ලක්ෂ 17ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ කතක් දැලේ

by sachintha
September 18, 2023 1:17 am 0 comment

රුපියල් ලක්ෂ 17ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධීව ඩුබායි සිට රැගෙන පැමිණි කාන්තාවක් පසුගිය 15 වැනිදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය පුත්තලම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි නිරන්තරයෙන් ගුවන් මඟින් භාණ්ඩ රැගෙනවිත් මෙරට අලෙවි කරන කාන්තාවකි.

ඇය පසුගිය 15 වැනිදා රාත්‍රී 10.30ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ – 647 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙනවිත් තිබූ රෙදිපිළි අඩංගු ගමන් මලු කිහිපයක ඩන්හිල් , බෙන්සන් සහ ප්ලැටිනම් යන වර්ගවලට අයත් දුම්වැටි 17,000ක් අඩංගු දුම්වැටි කාටූන් 85ක් සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.
කටුනායක – ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT