Saturday, May 10, 2025
Home » කෘෂි කර්මාන්තයට වත්මන් ආණ්ඩුවෙන් සාධාරණයක් වෙලා නෑ – සජබ මන්ත්‍රී සුජිත්

කෘෂි කර්මාන්තයට වත්මන් ආණ්ඩුවෙන් සාධාරණයක් වෙලා නෑ – සජබ මන්ත්‍රී සුජිත්

by sachintha
September 18, 2023 3:53 am 0 comment

පෙට්‍රල්, ගෑස් පෝලීම් නැති කළාට ආර්ථිකයට, වැවිලි කර්මාන්තයට, කෘෂි කර්මාන්තයට හෝ සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට වත්මන් ජනපතිගේ ආණ්ඩුව යටතේ කිසිදු සාධාරණයක් ඉටු වී නැතැයි සමඟි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පැවසීය.
ඒ නිසා රට යථා තත්ත්වයට පත්ව ඇති බවට පම්පෝරි ගැසිය යුතු නැතැයි ද හෙතෙම විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පසුගියදා (14) පැවසීය.

රටේ තේ කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටීමට ලක්වී ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයාට තේ කර්මාන්තය නඟා සිටුවීමට වැඩපිළිවෙළක් නොමැති බවත් මෙහිදී පැවසූ ඒ මහතා, මෙරට තේ කර්මාන්තය තව කාලයක් යන විට නැති වී යනු ඇතැයි ද කීවේය.

කුඩා තේවතු හිමියන් බරපතළ ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. කුඩා තේ වතු හිමියන් පොහොර මිටිය ලබා ගත්තේ රුපියල් 2,500ටයි. අද වන විට පොහොර මිටිය 11,500ත් 12,000ත් අතර මිලකට ගොස් තිබෙනවා. රුපියල් 8,000ට පොහොර මිටිය තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් රුපියල් 8,000ට පොහොර නැහැ. අමු තේ කිලෝවක මිල රුපියල් 200ට ගෙන යන බව ආණ්ඩුව පම්පෝරි ගැහුවත් අමු තේ කිලෝවක මිල රුපියල් 150 සීමාවට යන්නෙත් ඉතා අසීරුවෙන් බවද හෙතෙම කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT