Sunday, May 11, 2025
Home » ග්‍රාම නිලධාරී දීමනා වැඩි කිරීම ගැන‍ සොයන්න කමිටුවක්

ග්‍රාම නිලධාරී දීමනා වැඩි කිරීම ගැන‍ සොයන්න කමිටුවක්

by sachintha
September 18, 2023 2:56 am 0 comment

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය.
පෙරේදා (16) ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අතරතුර මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

දෙදිනක් පුරා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඔවුන්ට දැනට හිමි දීමනා වැඩි කිරීම සම්බන්ධ විශේෂ කමිටුවක් තුළින් තීරණය ගැනීමට එහිදී තීරණය කළ බවත් හෙතෙම කීවේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් ඉතා ඉක්මනින්ම ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.
දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරීවරුන් තමන්ට හිමි දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබිණි.
නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT