Friday, May 9, 2025
Home » මත් උවදුර මුලිනුපුටා දාන්න යෝජනා ඉල්ලයි

මත් උවදුර මුලිනුපුටා දාන්න යෝජනා ඉල්ලයි

by sachintha
September 18, 2023 12:59 am 0 comment

රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇත. මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කථානායකවරයා විසින් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මඟින් මේ අවස්ථාව මහජනතාවට ලබාදී තිබේ.

මහජනතාවට යොමුකිරීමට තිබෙන අදහස් හා යෝජනා legis_com@parliament.lk යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය. ඒ අනුව මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව සහ සංවිධානවලට 2023 ඔක්තෝබර් මස 12 වැනි දින හෝ ඊට ප්‍රථම අදාළ යෝජනා හා අදහස් යොමු කළ හැකි බව කාරක සභාව පැවසීය.
මේ සඳහා නියෝජන ලබාදෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කමිටුව අදහස් කරනවිට ඔවුන් අදාළ ලිපි ලේඛනද සමඟ කැඳවීමට නියමිතව ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාව කමිටු සාමාජික මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම විශේෂ කාරක සභාවේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා කටයුතු කරනු ලබයි.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT