මාධ්‍යවේදි ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ‘ආර්ථික ඝාතනය’ කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 25 වැනි සඳුදා පෙ.ව. 11.30 සිට ප.ව 1.00 දක්වාත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී සිදු කරනු ලබයි.
රට බංකොලොත් කිරීමේ ඇත්ත කතාව හෙළිදරව් කරමින් සහ ඊට බලපාන ලද දිගුකාලීන සහ කෙටිකාලීන හේතු ආර්ථීකමය වශයෙන් විග්‍රහ කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
මෙය ශ්‍යාම් විසින් රචිත සහ සංස්කරණය කළ ග්‍රන්ථ මාලාවේ 20 වැනි කෘතියයි. මෙම ග්‍රන්ථය ජනගත කරන අවස්ථාවට ආර්ථික හා මූල්‍ය අංශවල නියෝජිතයන් රැසක් සහභාගි වීමට නියමිතය.
දැනට ශ්‍යාම් ‘දිවයින’ පුවත්පතේ මූල්‍ය සහ ආර්ථීක කතුවරයා ලෙස කටයුතු කරයි. මෙම ග්‍රන්ථය ශාක්‍ය ප්‍රකාශනයකි.