Home » OMC Hair World තරගයෙන් රන් – ලෝකඩ පදක්කම් දිනූ ශිල්පිනියෝ උපන් බිමට

OMC Hair World තරගයෙන් රන් – ලෝකඩ පදක්කම් දිනූ ශිල්පිනියෝ උපන් බිමට

by sachintha
September 18, 2023 4:28 am 0 comment

ප්‍රංශයේ පැවති 2023- ඕ.එම්.සී. හෙයාර් වර්ල්ඩ් (O.M.C. Hair World) ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ රූපලාවණ්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියන් දෙදෙනකු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන පසුගියදා (15) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 69ක රූපලාවණ්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියන් 5,000කගේ සහභාගිත්වයෙන් පසුගිය 09 වැනිදා සිට 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පවත්වා තිබිණි.

එහිදී වේශ නිරූපණ අංශයෙන් තරග කළ තීක්ෂණී කාරියවසම් මහත්මිය රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය. එසේම නිර්මාණාත්මක අංශයෙන් තරග කළ කායල් විලී ජයප්‍රකාශ් මහත්මිය ලෝකඩ පදක්කමක් සහ තවත් ඉසව් දෙකකදී 04 වැනි සහ 05 වැනි ස්ථාන දිනා ගැනීමට සමත් වී සිටියාය.

ඔවුන් දෙදෙනා මෙම ජයග්‍රහණ රැගෙන පසුගියදා (15) රාත්‍රී 06.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ඔවුන් දෙදෙනා පිළි ගැනීමට මෙම ජයග්‍රාහිකාවන්ගේ නෑදෑ හිතවතුන් සහ රූපලාවණ්‍ය සහ කේශාලංකරණ ක්ෂේත්‍රයේ විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT