Sunday, May 11, 2025
Home » ඕසෝන් දිනයට පෝස්ටර් තරගයක්

ඕසෝන් දිනයට පෝස්ටර් තරගයක්

by sachintha
September 18, 2023 2:36 am 0 comment

ලෝක ඕසෝන් දිනය යෙදෙන සැප්තැම්බර් 16 දිනට සමගාමීව ගා/ ඉහළගොඩ සුමංගල විද්‍යාලයේ පරිසර නියමුවන් විසින් පාසලේ සිසු සිසුවියන් දැනුම්වත් කිරීම සහ ප්‍රජාව දැනුම්වත් කිරීමක් සඳහා පෝස්ටර් තරගයක් සංවිධානය කර තිබිණි. සැමරුම් දේශනය දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම් යූ.එල්.ඩී. සම්පත් මහතා විසින් පවත්වන ලද අතර මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ කුමුදු විදානගමාච්චි මහතා විසින් දරු දැරියන් විසින් නිර්මාණය කරන ලද පෝස්ටර් නිර්මාණ අතුරින් ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී.
පසුව එම පෝස්ටර් දරු දැරියන් විසින් විද්‍යාලය ඉදිරිපිටදී ප්‍රජාවට ප්‍රදර්ශනය කරනු ලැබිණි. විද්‍යාලයේ විදුහල්පති යූ.ජී.එස්. අබේරත්න මහතාගේ උපදෙස් පරිදි පරිසර නියමු කණ්ඩායම් භාර ආචාර්යවරුන් විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි.

කරාපිටිය සමූහ එස්. ලොකුකරවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT