Home » උස පැනීමෙන් ජයගත් ක්‍රීඩකයාට හා පුහුණුකරුට උපහාර

උස පැනීමෙන් ජයගත් ක්‍රීඩකයාට හා පුහුණුකරුට උපහාර

by sachintha
September 18, 2023 1:39 am 0 comment

පසුගියදා ට්‍රිනීඩෑඩ් හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය 7 වන යොවුන් ක්‍රීඩා තරඟාවලියේදී හා ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේදී උස පැනීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ හා රිදී පදක්කම් හිමි කර ගත් ආර්.ආර්. නිලුපුල් පැහැසර ක්‍රීඩකයා හා පුහුණුකරු කේ.එච්. කීර්ති කුමාර මහතා ඇගයීමේ උත්සවයක් දික්වැල්ලේදී පැවැත්විණි.

රටට කීර්තියක් අත්කර දෙමින් ලත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් උපහාර පිදීම මෙහිදී සිදුවූ අතර දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතාගේ මූලිකත්වයෙන් උත්සවය පැවැත්විණි. පසුගිය 12 වැනි දින දික්වැල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති උපහාර උත්සයයේදී නිලුපුල් පැහැසරගේ ඉදිරි පුහුණු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හිරිකැටිය ඩොට් බේ හවුස් අධිපති නවෝද් හෙන්නායක මහතා විසින් ශිෂ්‍යත්වයක් ද පිරිනමන ලදි.

පිරිනමන ලද ශිෂ්‍යත්වය මඟින් ඔහුට මාසිකව රුපියල් විසිදහසක මුදලක් (20000) ලැබීමට නියමිතය. මෙම අවස්ථාවට දිකවැල්ල ක්‍රීඩා නිලධාරී තරිඳු ධනංජය අල්විස්, ග්‍රාම නිලධාරීන් වන පී.ඒ. නුවන් හා ලක්මාල් ගලප්පත්ති මහත්වරු ද එක්ව සිටියහ.

ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT