පසුගිය සිකුරාදා (15) සවස තලාතුඔය පොලිස් බල ප්‍රදේශයට අයත් පාත මයිලපිටිය 16 කණුව අසල වික්ටෝරියා ජලාශයට මායිම්ව ලඳු කැලෑ බිමක තිබී ජීව උණ්ඩ දහයක් හා බෝම්බ තුනක් තලාතුඔය පොලිසිය මඟින් සොයා ගෙන තිබේ.
මාර්ගය ආසන්නයේ ලඳු කැළෑ ගිනි තැබීමත් සමඟ මෙකී පුපුරන ද්‍රව්‍ය දක්නට ලැබී ඇති අතර ප්‍රදේශවාසියෙකු 119 ඇමතුමක් මඟින් පොලිසිය දැනුම්වත් කර තිබේ. 40 එම්.එම්. වර්ගයේ බෝම්බ තුනක්, ගුවන් යානා නාශක උණ්ඩයක් හා ටී. 56 ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ නවයක් මෙහි තිබූ බව පොලිසිය පවසයි.
මහනුවර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දිගන අඹකොටේ පිහිටි විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ නිලධාරීන් පැමිණ මෙකී පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කර තිබේ. මෙම පුපුරන ද්‍රව්‍ය මල කා ඇති බවත් ඒවා කලකට ඉහත මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත අප්පුහාමි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලතිලක, පො.සැ. බංඩාර (47216) පො.සැ. සමරකෝන් (8305) යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.
ගලහ සමූහ – සී. කේ. වික්‍රම