Saturday, May 10, 2025
Home » පලතුරු කන්න ආ ගවයා අඩි පහක කානුවට ඇද වැටී හිර වෙලා

පලතුරු කන්න ආ ගවයා අඩි පහක කානුවට ඇද වැටී හිර වෙලා

-කළුතර ගිනි භටයන්ගේ පැයක මෙහෙයුම සාර්ථකයි

by sachintha
September 18, 2023 3:53 am 0 comment

පලතුරු කෑමට පැමිණ අඩි පහක් පමණ ගැඹුරු කොන්ක්‍රීට් කානුවකට ඇදවැටීමෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටී ගවයෙකු බේරාගැනීමට කළුතර ගිනි නිවන ඒකකය සහ ටෙලිකොම් නිළධාරීන් අද සමත්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

කළුතර උතුර ගාලුපාරේ පළතුරු කඩයකට දෛනිකව පළතුරු කෑමට පැමිණ සිටි ගවයා කානුව තුලට ඇදවැටී ඇති බව පොලිසිය පැවසීය.

ප්‍රදේශවාසින් ගවයා බේරාගැනීමට උත්සාහ දරා ඇතත්, එය ව්‍යර්ථ වීමෙන් පසු කළුතර උතුර පොලිසිය විසින් කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකය දැනුවත් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මකවූ කණ්ඩ භාර ගිනි නිලධාරී ටී යූ එස් කුරේ ඇතුළු භටයන් ඔවුන් සතු උපකරණ භාවිතා කර පැයක පමණ මෙහෙයුමකින් පසු ටෙලිකොම් භූම් ට්‍රක් එකක් ආධාරයෙන් ගවයා නිරුපද්‍රිතව බේරගැනීමට හැකිවූ බව කළුතර ගිනි නිවන ඒකකයේ ප්‍රකාශකයෙක් කීය.

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT