Monday, May 12, 2025
Home » යූ. බී. වන්නිනායක ජාතික පාසලේ විදුහල්පති පාසල් සංවර්ධන සමිතියේ සල්ලි උලා කාලා

යූ. බී. වන්නිනායක ජාතික පාසලේ විදුහල්පති පාසල් සංවර්ධන සමිතියේ සල්ලි උලා කාලා

by sachintha
September 18, 2023 2:55 am 0 comment

ගල්ගමුව යු .බී. වන්නිනායක ජාතික පාසලේ වත්මන් විදුහල්පතිවරයා පාසල් සංවර්ධන සමිතියේ මුදල් වංචා කළ බව පවසමින් පාසලේ මාපියන්, පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින් ඇතුළු පිරිසක් පෙරේදා (14) දහවල් ගල්ගමුව යු. බී. වන්නිනායක ජාතික පාසල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

විදුහල්පතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය පිළිබඳව සඳහන් කරමින් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරතව සිටිනු දක්නට ලැබුණි.

එයට සහය දක්වමින් ගල්ගමුව නගරයේ වෙළෙඳ සැල් දහවල් 12.00 සිට 1.00 දක්වා පැයක කාලයක් වසාදමා තිබූ අතර, නගරයේ තැනින් තැන කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූණි.

මෙහිදී අදහස් දැක්වූ පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ආර්. එච්. එම්. නලින්ද ප්‍රසන්න මහතා මෙසේ පවසා සිටියේය.

“ ගල්ගමුව යූ. බී. වන්නිනායක ජාතික පාසලේ වත්මන් විදුහල්පතිවරයා ජාතික පාසල් චක්‍රලේඛනයේ සියලුම වගන්ති උල්ලංඝනය කරමින් සංවර්ධන කමිටුවේ විධායක රැස්වීමේ අනුමැතියකින් හා තාක්ෂණික කමිටුවේ මෙන්ම ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියකින් තොරව සාමාජිකයන්ගේ අත්සන් වෙනුවට හොර අත්සන් යොදමින්, හොර බිල් දමමින් 2022 පාසල් සංවර්ධන සමිති අය වැයේ මුදල් විශාල ප්‍රමාණයක් වංචා කර තිබෙනවා.

ඒ නිසා පාසල් සංවර්ධන සමිතිය වාර හතරකදී හා මහා සභා වාර හතරක දී සම්මත වුණේ නෑ. අද පස්වෙනි වතාවටත් ජාතික පාසල් හිටපු අධ්‍යක්ෂවරියගේ හොර ලේඛන අනුව අද මේ භූමියේදී අනුමත කර ගන්න හදනවා.

අපි ඒවට ඉඩ තියන්නේ නෑ. 2023ට අය වැය ඇස්තමේන්තුවක් හදලා තියෙනවා. රුපියල් එක්කෝටි අසූපන්ලක්ෂයක් (185.00000.00) තිබුනා. අය වැය වගේ පස් ගුණයක්. එවැනි අය වැයක් නගරයේ එක පාසලකවත් නෑ. සියයට අනූවක්ම තියෙන්නේ පාර හදන්න, අලංකාරය කරන්න, විදුහල්පති කාමරය හදන්න, හැබැයි දරුවෝ වෙනුවෙන් වෙන් කරලා තියෙන රුපියල් දසදහසක් (10.000) පමණයි. වන්නියේ මාපියන්ගේ සල්ලි කාටත් පිල්ලි ගහන්න ඉඩ තියන්න බෑ. අධ්‍යාපන ඇමැතිතුමාගෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කර මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා දරුවො වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.”

මහව – සංජීවනී ආරියරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT