Home » 19න් පහළ සීමිත ඕවර ක්‍රිකට් – සෙනුක දංගමුව ලකුණු 28ට කඩුලු 7යි

19න් පහළ සීමිත ඕවර ක්‍රිකට් – සෙනුක දංගමුව ලකුණු 28ට කඩුලු 7යි

-දුරංකගෙන් ශතකයක්

by sachintha
September 18, 2023 3:09 am 0 comment

අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව ලකුණු 28කට කඩුලු 7ක් දවාලීමට ගාල්ල මහින්ද විදුහලේ සෙනුක දංගමුව සමත් විය. මේ තරගයේ තම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් මේ දක්වා අපරාජිතව පසු වූ ලුම්බිණි විදුහල ලකුණු 57කින් පැරදවීමට මහින්ද විදුහලට හැකි විය.

යාපනය සාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දැක්වූ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දුරංක සිල්වා ශතකයක් රැස්කළ අතර, එම තරගයේදීම පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විශ්ව ළහිරු ලකුණු 17කට කඩුලු 5ක් දවාලීය. තවත් තරගයකදී කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 12කට කඩුලු 6ක් දවාලීමට සෙනිත හැළඹගේ සමත් විය.

තවත් තරගයකදී අවුරුදු 19න් පහළ පළමු කොටසි ටියර් බී තරගාවලියේ පසුගියවර අනුශූර කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 79කින් පැරදවීමට මොරටු විද්‍යාලය සමත් වීම කැපී පෙනිණි.

පළමු කොටස ටියර් ඒ තරගාවලියේ ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විදුහල මෙවර තරගාවලියේ තම දෙවැනි ජය වාර්තා කිරීමට සමත්වූ අතර,

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කුරුණෑගල මලියදේව විද්‍යාලය කඩුලු 9කින් පරාජය කළේය. පානදුර ශ්‍රී සුමංගල, ගල්කිස්ස සාන්ත තෝමස්, අම්බලන්ගොඩ ධර්මාශෝක, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ කොළඹ කේරි විදුහල ද මේ තරගවලදී ජය වාර්තා කළේය.

ගාල්ල මහින්ද විදුහලට ලකුණු 53ක ජයක්

මහින්ද – 180 (ඕවර 44.2) දිනුර කළුපහන 39, චන්දුප ද සිල්වා නොදැවී 35, සෙනුක දංගමුව 25, ප්‍රමේෂ් මධුභාෂණ 21 (දිනිත ප්‍රභංක 22/4, සහන් කෞශල්‍ය 15/2, භාෂික සත්මිණ 32/2)

ලුම්බිණි – 127 (ඕවර 44.5) ප්‍රවීන් මනීෂ 35 (සෙනුක දංගමුව 28/7, කවීන් රුක්ෂාන් 13/2)

මොරටු විද්‍යාලයට ලකුණු 79ක ජයක්

මොරටු විද්‍යාලය – 199 (ඕවර 49.5) විරංග නිම්සර 51, ෂෙහාර ප්‍රනාන්දු 46, කාංචන නිම්ෂාන් 46 (විශ්ව ධනංජය 30/4, විහස් තෙව්මික 34/3, තනුග පලිහවඩන 41/2)

තර්ස්ටන් – 120 (ඕවර 33.3) යොවුන් ශිල්ප නොදැවී 26, රමික ෂොනාල් 25 (ඉසුරු ප්‍රනාන්දු 14/2, මහිත් අප්පුහාමි 18/2,

නිෂිත ප්‍රනාන්දු 25/2, හිමාෂ් තරුෂ්ක 27/2)

ත්‍රිත්ව විදුහලට කඩුලු 9ක ජයක්

මලියදේව – 77 (ඕවර 48.1) තවීෂ බාලසූරිය 22 (මනුල කුලරත්න 15/3, ජයවි ලියනගම 17/2)

ත්‍රිත්ව – 78/1 (ඕවර 9.5) විනුක දම්මගේ නොදැවී 33, වතිල උදාර 31

පානදුර ශ්‍රී සුමංගලයට පැරබෝලා ක්‍රමයට ලකුණු 145ක ජයක්

පානදුර ශ්‍රී සුමංගල – 328/4 (ඕවර 50) දුරංක සිල්වා 123, කවිඳු ගයාත්‍ර 71, සන්දීප් විජේරත්න නොදැවී 58, විදූෂ පීරිස් 43 (ජෙයචන්ද්‍රන්

අශාන්ත් 61/2)

යාපනය සාන්ත ජෝන් – 164/7 (ඕවර 43) නේසකුමාර් ජෙයිසාල් 86, ජෙයචන්ද්‍රන් අශාන්ත් 49 (විශ්ව ලහිරු 17/5)

කොළඹ කේරි විදුහල ලකුණු 90ක ජයක්

කේරී – 223/8 (ඕවර 50) චලිත ද සිල්වා නොදැවී 51, විනුග දිනිත 50, කවින් කුලේන්ද්‍රන් 44, තවීෂ වීරක්කොඩි 27 (සදෙව් ඉන්දීප 2/22)

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය – 133 (ඕවර 43.5) නදීම් මජීඩ් 35, පෝෂිත මදනායක 26, කුෂිත් මධුෂාන් 23 (දිනාත් ගාල්ලගේ 20/3, ආර්ෂෙල් වල්ගමගේ 36/3, කවින් කුලේන්ද්‍රන් 16/2)

ගල්කිස්ස සා. තෝමස් විදුහලට

ලකුණු 27ක ජයක්

සා. තෝමස් – 157 (ඕවර 50) තිෂේන් ඇහැලියගොඩ 42, දිනෙත් ගුණවර්ධන 37, සේනාධි බුලන්කුලම 24 (සනිතු අමරසිංහ 36/3)

වෙස්ලි – 130 (ඕවර 26.3) උවින් පෙරේරා 60, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 26 (අභීත පරණවිදාන 25/4)

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට

කඩුලු 5ක ජයක්

කොළඹ සහිරා – 105 (ඕවර 29.1) උමාර් ඉම්රාන් 40 (සෙනිත හැලඹගේ 12/6)

ධර්මාශෝක – 107/5 (ඕවර 20.3) චානුක ජයශ්‍රී 31, මානස ද සිල්වා 30, ඉෂ්මාන් ද සිල්වා 30

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට

කඩුලු 5ක ජයක්

රාගම කරුණාරත්න බෞද්ධ විද්‍යාලය – 124 (ඕවර 41.4) ශමිල සෞභාග්‍ය ​​50 (සෙතික බාලසූරිය 21/4)

ලයිසියම් ජාත්‍යන්තර පාසල – 125/5 (ඕවර 27.5) සචිර දෙලංකාවල 39, ෂහීර් ෂිෆාන් නොදැවී 32 (පසන් මිගාර 25/2, විශ්ව විනෝද් 27/2)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x