වැස්සට තෙමී, අව්වට වේළී ක්‍රිකට් තරග පවත්වා ගැනීම වෙනුවෙන් බලවත් පරිශ්‍රමයක් දැරූ ආර්. ප්‍රේමදාස හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ සේවක පිරිසට අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් (රුපියල් 16,150,000ක්) ආසියානු ක්‍රිකට් කවුන්සිලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන එක්ව තෑගි වශයෙන් පිරිනමයි. මේ මුදල ක්‍රීඩාංගණ දෙකේ 400කට ආසන්න සේවක පිරිස අතරේ බෙදා දීමට නියමිතව ඇත.
ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවති සියලු තරගවලට අඩු වැඩි වශයෙන් වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර, ඒ සෑම තරගයකදීම ඔවුන් ඉතා කඩිසරව මුළු ක්‍රීඩාංගණයම ආවරණය කරමින් තරග පවත්වා ගැනීමට අති විශාල වෙහෙසක් දැරීම අගය කරමින් මේ මුදල් තෑගි ප්‍රදානය කරන ලදී.
මේ අතර ඊයේ පැවති තරගාවලියේ අවසන් තරගයේ වීරයා වූ ඉන්දීය වේග පන්දු යවන මොහොමඩ් සිරාජ් සිය ත්‍යාග මුදල ලෙස හිමි වූ ඩොලර් 5,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 1,613,000) ද ක්‍රීඩාංගණ සේවකයන්ට පිරිනැමීමට කටයුතු කළේය.
ඡායාරූප – ශාන් රූපස්සර
ප්‍රින්ස් ගුණසේකර – ආර්. ප්‍රේමදාස පිටියේ සිට…