Home » SVAT බදු අහෝසිය කල් දැමීම ඇඟලුම් සංසදයේ ප්‍රසාදයට

SVAT බදු අහෝසිය කල් දැමීම ඇඟලුම් සංසදයේ ප්‍රසාදයට

by gayan
September 19, 2023 1:00 am 0 comment

සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) අහෝසි කිරීම 2025 අප්‍රේල් 01 වනදා තෙක් කල්දැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් මෑතක දී ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) ප්‍රසාදය හිමිව තිබේ.

එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීම ක්‍රියාත්මක කිරීමට පෙර ‘‘ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක්’’ ස්ථාපිත කිරීම සහතික කිරීමට ගත් තීරණය එම සංසඳය විශේෂයෙන් අගය කර තිබේ. මෙම තීරණය මගින් විවිධ පාර්ශවයන් කර්මාන්තය ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වී වැඩකළ ආකාරය මැනවින් පෙන්නුම් කරන අතර ඔවුන්ගේ එම උත්සාහයට ප්‍රශංසාව පළකරන බවද කියා සිටී.

මෙම කල්දැමීම සිදුවන්නේ ඇඟලුම් අපනයනකරුවන්ගේ අපනයන අඩුවීමත් සමඟ ඔවුන් දැඩි තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙන විටෙක වන අතර එබැවින් නිසි ආපසු ගෙවීමේ ක්‍රමයක් නොමැතිව එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීම ඔවුන්ගේ මුදල් ප්‍රවාහයට බාධා ඇති වීමට අවදානමක් පවතී. එනිසා මෙම කල්දැමීම ඔවුන්ට එම අවදානම වළක්වා ගැනීමට උපකාරී වේ.

එකතු කළ අගය මත බදු ක්‍රමය ක්‍රමය අහෝසි කිරීම සඳහා සුදුසු පියවරක් ලෙස ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් ක්‍රමානුකූල ප්‍රවේශයක් අවශ්‍ය බව අපනයනකරුවන් අවධාරණය කරයි.

‘‘මෙම කල්දැමීම නව බදු ක්‍රමයක් කරා ගමන් කිරීම පහසු කරමින් අපගේ කර්මාන්තයට වැදගත් සහායක් ලබා දෙනවා. කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වීම සහ සමෘද්ධිමත් වීම සහතික කිරීම සඳහා සම්බන්ධ වන සියලුම පාර්ශව සමඟ එක්ව කටයුතු කිරීමට අප කැපවී සිටිනවා’’ යැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසද පවසයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT