ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට අනුරාධපුර ගුවන්තොටුෙපාළ පාරේ නිවස ඉදිරිපිටදී පෙරේදා (17) රාත්‍රී කාලයේදී එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම වෙඩි තැබීම සිදු වන විට මන්ත්‍රීවරයා මෝටර් රථයේ රැඳී සිට නැති බව පොලිසිය කියයි. එබැවින් මෙම වෙඩි තැබීමෙන් කිසිවකුට හානි සිදුව නොමැති බව පොලිසිය කියයි.
වෙඩි උණ්ඩ දෙක වැදී ඇත්තේ මෝටර් රථයේ පසුපස අසුනට බවද පොලිසිය සඳහන් කළේය. මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයකින් බව ද පොලිසිය කියයි.
මන්ත්‍රීවරයා සිය මිතුරන් කිහිප දෙනකු සමඟ සිය නිවසට ආසන්නයේ පිහිටි ළහිරු ක්‍රීඩාංගණය අසල රැඳී සිට යම් අවශ්‍යතාවක් සඳහා මිතුරන්ගෙන් මඳකට වෙන්ව නිවසට පැමිණ ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. මන්ත්‍රීවරයා නිවසට පැමිණ ඇත්තේ මෝටර් රථයේ නැඟී බව ද එම නිලධාරියා කීය. ඒ පැමිණ ඇත්තේ නිවසින් යමක් රැගෙන නැවත මිතුරන් සිටින ස්ථානය වෙත යාමේ අපේක්ෂාව ඇතිවය. එබැවින් මෝටර් රථය නිවස ඉදිරිපිට නතර කර නිවස තුළට යනවාත් සමඟ මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.
මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනකු ද යොදවා සිටියි. මන්ත්‍රීවරයා ක්‍රීඩාංගණය ආසන්නයේ මිතුරන් සමඟ රැඳී සිටියදී එම ආරක්ෂකයන් සිට ඇත්තේ මන්ත්‍රීවරයාගේ නිවසේය. මෝටර් රථයෙන් ක්‍රීඩංගණය අසලට ගොස් නැවත එහි සිට නිවසට මෝටර් රථය පදවාගෙන විත් ඇත්තේද මන්ත්‍රීවරයා විසිනි. වෙඩි ප්‍රහාරය එල්ල කරන විට මන්ත්‍රීවරයාට ලබා දී සිටින එම පොලිස් ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනා සිට ඇත්තේ මන්ත්‍රීවරයාගේ නිවස තුළ බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෙම වෙඩි තැබීමත් සමඟ මන්ත්‍රීවරයා පිටතට පැමිණ ඇත්තේ ආරක්ෂකයන් දෙදෙනා සමඟිනි. ඒ වන විට වෙඩික්කරු පලා ගොස් සිට ඇත.
අනුරාධපුර පොලිසිය මේ ගැන කළ මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මන්ත්‍රීවරයාගේ නිවස පිහිටි අතුරු මාර්ගයට ඇතුළු වන ස්ථානෙය් සුදු පැහැති මෝටර් රථයක් නතර කර තිබී ඇති බවය. වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව පුද්ගලයක් දිව විත් එම මෝටර් රථයේ නැඟී ගොස් ඇති බවට ද තොරතුරු පොලිසියට ලැබී තිබේ.
මන්ත්‍රීවරයාව ඝාතනය කිරීමේ හෝ වෙනත් ශාරීරික වශයෙන් හානියක් කිරීමේ අරමුණ ඇතිව මෙම වෙඩි තැබීම සිදු කළේ නම් එය ඔහු ක්‍රීඩාංගණය අසල රැඳී සිටින අවස්ථාවේදී හෝ නිවසට පැමිණෙන අවස්ථාවේදී සිදු කිරීමට තිබුණු බව පොලිසිය කියයි. එබැවින් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇත්තේ ප්‍රශ්නගත තත්ත්වයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් පොලිසිය කියයි.
මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියක් ඇතත් එය අක්‍රිය තත්ත්වයේ පවතින්නක් බවද විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
ගයාන් කුමාර වීරසිංහ, අනුරාධපුර සංචාරක සශිනි මධුෂානි, තිසර සමල් – අනුරාධපුර, අනුරාධපුර සමූහ – පර්සි කුරුනේරු