381
අද (19) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සැලසුම් කර ඇති සැමරුම් කිහිපයක් වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරීම සඳහා කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ පොදු මහජනතාවට පීඩාවක් වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජාවන් වළක්වාලමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුලු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලුදෙනා වෙත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර තිබෙයි