Home » කොංගෝ රාජ්‍යයේ නාය යෑමකින් 17ක් මරුට

කොංගෝ රාජ්‍යයේ නාය යෑමකින් 17ක් මරුට

by gayan
September 19, 2023 1:00 am 0 comment

කොංගෝ රාජ්‍යයේ වයඹ පළාතේ නාය යෑමකින් පුද්ගලයන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ අනතුර සිදු වී ඇතැයි ද වාර්තා වේ. පස් කඳු කඩා වැටීමෙන් යට වූ නිවාස රැසක සිර වී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එරට ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කර ඇත්තේ මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. එම පළාතේ ආණ්ඩුකාර සීසර් ලිම්බායා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සුන්බුන් ඉවත් කර ජීවිත බේරා ගැනීමට මෙහෙයුම් කඩිනම් කරන ලෙස නියෝග කර ඇතැයි ද වාර්තා වේ. දරිද්‍රතාව හා දුර්වල යටිතල පහසුකම් සහිත එම පළාතේ බොහෝ නිවාස ඉදි කර ඇත්තේ කඳුකරය ආශ්‍රිතව බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT