284
උතුරු ඉතාලියේ ටස්කනි පළාතේ ඊයේ අලුයම භූ කම්පනයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රිච්ටර් මාපකයේ 5.1ක අගයක් සටහන් කළ එම භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයි එරට භූ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. භූ කම්පන සඳහා වැඩි අවදානමක් ඇති පළාතක් ලෙස සැලකෙන ෆ්ලෝරන්ස් පළාතට ආසන්නයේ සිදුවූ එම භූ කම්පනය හේතුවෙන් පෙර සූදානමක් ලෙස රජයේ ආයතන සහ පාසල් වසා දැමීමට රජය පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.