Home » පිඹුරකු ‘සර්ෆින්‘ රැගෙන ගිය ඔස්ට්‍රේලියානුවාට දඩ

පිඹුරකු ‘සර්ෆින්‘ රැගෙන ගිය ඔස්ට්‍රේලියානුවාට දඩ

by gayan
September 19, 2023 1:00 am 0 comment

සුරතලයට ඇති දැඩි කළ පිඹුරකු රළ මත ලිස්සා යෑමට රැගෙන ගිය ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝට්ස් නුවර පුද්ගලයකුට එරට වනජීවී නිලධාරීන් අමෙරිකානු ඩොලර් 1495ක දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිගෝර් ෆියුසා නමැති එම පුද්ගලයා සිය සුරතල් පිඹුරා සමඟ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත වන ආකාරය වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර ඇතැයි ද වාර්තා වේ.

පිඹුරකු මුහුදට රැගෙන යෑමෙන් සත්ව හිංසනය සඳහා වන නීතිරීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත දඩ මුදල නියම කර ඇති අතර, පිඹුරකු ප්‍රසිද්ධ ස්ථානයකට රැගෙන යෑමෙන් ද ඔහු වරදකරු වූ බව ඔස්ට්‍රේලියානු වනජීවී නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පිඹුරන්ට ජලය අතිශයින්ම සිසිල දනවන්නක් බවත්, මුහුදේ සැරිසරන එකම සර්ප විශේෂය මුහුදු සර්පයන් පමණක් බවත් ක්වීන්ස්ලන්ඩ් පරිසර හා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT