ආරක්ෂිත පක්ෂීන් නීති විරෝධී අයුරින් අලෙවි කිරීමේ චෝදනාව මත වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණ සැකකරුවකු වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටත් සැකකරු රැගෙන ආ ත්‍රීවිලරය රුපියල් ලක්ෂ 10ක බැඳුම්කරයක් මඟින් මුදා හැරීමටත් පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ පුත්තලම වනජීවී නිලධාරීන්ට නියෝග කෙරුණි.
මෙසේ ඇප මත මුදා හැරියේ පුත්තලම කළපු තීරයේ පදිංචි 25 හැවිරිදි එම්.ඒ.එම්. අස්රාම් නැමැති සැකකරුවෙකි. ආරක්ෂිත පක්ෂීන් ඇතුළු සතුන් කූඩුවලින් ගෙන රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටිය දී පුත්තලම කලාප වනජීවී කාර්යාලයේ හා පුත්තලම වනජීවී පාලන ඒකකයේ නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් පසුව අත්අඩංගුවට ගෙන තිබුණි.
මධ්‍යම කඳුකරයේ කඳු ආසන්නයේ සැරිසරන සැලළිහිණි ඇතුළු විවිධ පක්ෂීන් හා වියළි කලාපයේ විවිධ ස්ථානවල සැරිසන වන සතුන් වාසස්ථානවලින් හා කූඩුවලින් රැගෙන ඉන් පසුව අධික මිලකට අලෙවි කිරීමේ ජාවාරමක් මෙසේ සොයා ගත් බව වනජීවී නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මෙසේ අත්අඩංගුවට ගැනුණ සැලළිහිණි පැටවුන් නුවර, අකුරණ ඇතුළු ප්‍රදේශවල මෙම පක්ෂීන් වාසය කරන කූඩුවලින් ඉවත් කරමින් එම පක්ෂීන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් කරමින් රැගෙන විත් රට පුරා විවිධ ප්‍රදේශවල පිරිස් වෙත අලෙවි කිරීමේ නිරතව ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සමාජ මාධ්‍ය තුළ මෙම පක්ෂීන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අලෙවි කිරීම සිදුකර ඇති බව පවසයි.
සැලළිහිණියා ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත පක්ෂි ගණයට වැටෙන අතර මියුසිකැපිඩේ කුලයට අයත් පක්ෂි විශේෂයකි. සැලළිහිණින් කිසිම ලෙසකින් ඇල්ලීම ඇති දැඩි කිරීම ඇතුළු සියලු කටයුතු තහනම්ය.
වනජීවී නිලධාරීන් විසින් යෙදූ උපාය දූතයකු මඟින් සැලළිහිණින් තිදෙනෙකු මිලදී ගැනීමට ඇණවුම් ලබා ගෙන තිබූ බවත්, එසේ ලබා දුන් ඇණවුම අනුව එක් සැලළිහිණියකු රුපියල් හත්දහසකට මිලදී ගැනීම සඳහා එකඟවී ත්‍රීවිලර් රථයකින් පුත්තලම නගරයට රැගෙන ඒමෙන් පසුව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.
ඉන් පසුව වෙනත් අයකුගේ සහාය ලබා ගනිමින් සැකකරුගේ පදිංචි මවගේ නිෙවසට ගොස් පරීක්ෂා කිරීමේදී වනජීවී නිලධාරීන් විසින් නිවෙසේ කූඩුවල දමා සිටි දින ගණනාවක් වයසැති කුඩා වැහිළිහිණි පැටවුන් දෙදෙනකු හා වන සතුන් දැමීමට ගන්නා කූඩු කීපයක් ද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.
අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ අවස්ථා ගණනාවකදී දඬුලේනන් ඇතුළු සතුන් රැසක් මේ ආකාරයටම අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවත් සැලළිහිණින් නුවර සිට පුත්තලම දක්වා ගමන් කරනා ලංගම බස් රථවල කුඩා පෙට්ටිවල දමා පුත්තලමේ මෙම පක්ෂීන් අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවන සැකකරුට ලබා ගැනීමට එවීම සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.
වැටලීම සඳහා පුත්තලම දිස්ත්‍රික් සහකාර වනජීවී අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාගේ උපදෙස් මත පුත්තලම කලාප වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි ආරක්ෂක බණ්ඩාර වනජීවී නියාමකවරුන් වන පී.ටී.සංජීවනී, එච්.එම්.එන්.එස්. හේරත්, ඩබ්ලිව්.යූ.ඩී.එස්. බොතේජු, ඩී.එන්.එම්. බණ්ඩාර, මිලින්ද සම්පත් හා රියදුරු ඒ. විජයරත්න යන නිලධාරීන් සමඟ පුත්තලම වනජීවී පාලන ඒකකයේ වනජීවී අඩවි ආරක්ෂක එම්.ඒ.එස්. කුමාරතුංග, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන ඒ.එස්. මහින්ද, සංජය සඳරුවන් යන නිලධාරීන් වැටලීමට එක්වී තිබුණි.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ