Home » ඩුබායි නිපුණගේ අපරාධ මෙහෙයවන ගෝලයන් 5ක් කුඩු සහ අවි සමඟ අත්අඩංගුවට

ඩුබායි නිපුණගේ අපරාධ මෙහෙයවන ගෝලයන් 5ක් කුඩු සහ අවි සමඟ අත්අඩංගුවට

by gayan
September 19, 2023 1:00 am 0 comment

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංගගේ මාමා සහ ඩුබායි නිපුණගේ අපරාධ මෙහෙයවන ගෝලයන් පස් දෙනෙකු හෙරොයින් සහ අවි සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා‍ෙය් නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (17) මට්ටක්කුලිය, මෝදර සහ ග්‍රෑන්ඩ්පාස් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත මට්ටක්කුලිය, කැලණිගඟ, මෝල පාර ප්‍රදේශයේදී වැටලීමක් කර ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව යන අයගේ සමීපතමයන් වන සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග සහ කපුරු බණ්ඩාරගේ දොන් නිපුණ චමිත් උදයංග නොහොත් ඩුබායි නිපුණ යන අයවලුන්ගේ සංවිධානාත්මක අපරාධ සඳහා ක්‍රියාකාරීව කටයුතු සිදු කළ මට්ටක්කුලිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි, මිලිග්‍රෑම් 130ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

සැකකරුට මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ අලිවත්ත අසිත නමැති සංවිධානාත්මක අපරාධකරු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඝාතනය කිරීම සඳහා ආධාර උපකාර සහ අනුබල ලබාදීම සම්බන්ධයෙන් සහ අලිවත්ත අසිත නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනුගාමිකයකු වන ඉර්ශාඩ් නමැත්තා කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා සහ ජංගම දුරකතනයක් හා රුපියල් 6,000ක මුදලක් සොරකම් කිරීමට අදාළ නඩු කටයුතු සම්බන්ධව මෙන්ම මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ කලකෝලහළ කිරීමට අදාළ නඩු කටයුතු සඳහාද සැකකරුට විරුද්ධව වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

මෝදර පොලිස් වසමේ රොක් හවුස් පටුමඟ ප්‍රදේශයේදී කර ඇති වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි, මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව යන අයගේ අනුගාමිකයකු වන සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග යන අයවලුන්ගේ සංවිධානාත්මක අපරාධ සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මොහු වැල්ලේ සාරංග යන අයගේ මාමා බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ දී වැටලීමක් කර ඇත. එහිදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව යන අයගේ ප්‍රධානතම සමීපතමයකු වන කපුරු බණ්ඩාරගේ දොන් නිපුණ චමිත් උදයංග නොහොත් ඩුබායි නිපුණ යන අයවලුන්ගේ සංවිධානාත්මක අපරාධ සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන ලද මට්ටක්කුලිය, කොළඹ 14, ගෝනහේන සහ මට්ටක්කුලිය, කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 – 38 අතර වයසේ පසුවන පුද්ගලයන් සිවුදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි, මිලිග්‍රෑම් 330ක් සහ මන්නා පිහි 03ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද මෙහි එක් සැකකරුවකු වන කුවින්ටස් හෙවත් කුයියා නමැත්තා අලිවත්තේ අසිත නමැති සංවිධානාත්මක අපරාධකරු වෙඩි තබා ඝාතනය කිරීමට සහ ඉර්ෂාඩ් නමැති පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදාහැර සිටින අයකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මඟ පෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක ඒ. ඩී. කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ මෙහෙයුම කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT