123
රාජගිරිය වික්ටෝරියා නිවාසයේ නේවාසිකව සිටින බොහෝ අය නොයෙකුත් ආබාධිතයන්ගෙන් පෙළෙන අතර දිගු කාලීනව ඇඳේ තබා කාර්ය මණ්ඩලයේ පූර්ණ සහාය ඇතිව ප්‍රතිකාර සහ සාත්තු දිය යුතු රෝගීන්ය.
මේ නේවාසික රෝගීන් වෙනුවෙන් සෑම දෙමසකට ම වරක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කුමාර වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, විශේෂඥ වෛද්‍ය මනෝහරි සෙනෙවිරත්න මෙනෙවියගේ මූලිකත්වයෙන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් කිත්සිරි මහසෙන් මුල්ලේරියාව මහතාගේ සම්බන්ධීකරණයෙන්, විශේෂ සායනයක් පවත්වනු ලබයි. කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය වික්ටෝරියා වැඩිහිටි නිවාසයට ගොස් එහි නේවාසික රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ප්‍රතිකාර කළ අයුරුයි මේ.