මන්නාරම, ඉරණෙයිඉලුප්පකුලම් ගම්මානයේ පිහිටි ග්‍රාමීය රෝහල නඟාසිටුවීමට දකුණේ සිට එහි ගිය සිංහල වෛද්‍යවරයාගේ හා සෙසු රෝහල් කාර්ය මණ්ඩලයේ සේවාවන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.
බස්නාහිර පළාතේ සිට වෛද්‍ය ළහිරු ජයවර්ධන මහතා මේ රෝහලට සේවයට ගිය අතර, පසුව එම රෝහලේ නේවාසිකාගාරයේම රැඳී සිට රෝහල ඉතා පිළිවෙළට සකස් කරන ලදි. පසුව කාර්ය මණ්ඩලය ඵලදායී ලෙස සේවයට යොදා ගෙන වවුනියාව සහ මන්නාරම නගරවලට බොහෝ දුරින් පිහිටි ගම්මානවල රෝගීන්ට යහපත් සෞඛ්‍ය සේවාවක් දීමට කටයුතු කර තිබේ.
පසුව මේ රෝහලට පැමිණි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා වෛද්‍ය ළහිරු ජයවර්ධන මහතාගේ සහ කාර්ය මණ්ඩලයේ සේවාවන් ඇගයීමකට ලක් කර රෝහලට අවශ්‍ය පහසුකම් සලසා දීමට එකඟ වී තිබේ.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ