අක්ෂි රෝග පවතින අඩු ආදායම්ලාභී ශ්‍රී ලාංකිකයන්ට ශක්තියක් වෙමින් අක්ෂි සායන පැවැත්වීම සහ ඇස් කණ්ණාඩි බෙදා දීමට සෞදි අරාබියානු රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා වලස්මුල්ල සහ කාත්තන්කුඩි නගරවල අක්ෂි ප්‍රතිකාර කඳවුරු පවත්වා තිබෙන අතර, වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අමතරව ඇස් කණ්ණාඩි බෙදා දීමට ද පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාර්යාලය පවසයි.
ලොව පුරා සිටින අඩු ආදායම්ලාභීන්ගේ සහ පීඩාවට පත් ප්‍රජාවගේ දුක් වේදනා සමනය කිරීමට සෞදි අරාබි රාජධානියේ මානුෂීය ප්‍රයත්නයන් මත පදනම්ව සහ ශුද්ධවූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු වන සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් රජුගේ සංකල්පයකට අනුව සෞදි අරාබි රාජධානියේ ඔටුන්න හිමි කුමරු, අගමැති මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞද් කුමරු සහ සෞදි අරාබි රජුගේ කිං සල්මාන් මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය මේ ස්වේච්ඡා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද එම තානාපති කාර්යාලය කියයි.
ඒ අනුව වලස්මුල්ල සහ කාත්තන්කුඩි නගරවල අන්ධභාවයට එරෙහිව සටන් කිරීමට රෝගීන් දහස් ගණනක් හඳුනා ගැනීම, ඔවුන්ට වෛද්‍ය සේවා සැපයීම, ශෛල්‍යකර්මවලට මැදිහත්වීමක් සහ අවශ්‍ය අවස්ථා වර්ග කිරීම, ප්‍රතිකාර කිරීම, වෛද්‍ය ඖෂධ සැපයීම, ඇසේ සුද ඉවත් කිරීම, නියපොතු ඉවත් කිරීම සහ කඳුළු නාල අවහිරතා සඳහා ප්‍රතිකාර කිරීම, රෝගීන්ගේ ඖෂධ, වීදුරු සහ කාච සඳහා අවශ්‍යතා සැපයීම ආදිය සිදු කර තිබේ.
මේ සායනවලදී රෝගීන්ට ප්‍රතිකාර කර තිබෙන අතර, වලස්මුල්ල නගරයේදී සිදු කළ අක්ෂි ප්‍රතිකාර කඳවුරේදී වෛද්‍ය පරීක්ෂණ 3500ක් සහ ඇස් කණ්ණාඩි 1050ක් ප්‍රදානය කර තිබේ. ඊට අමතරව සැත්කම් 531ක් සිදු කර ඇත. මේ අතර කාත්තන්කුඩි නගරයේදී සිදු කළ අක්ෂි ප්‍රතිකාර කඳවුරේදී වෛද්‍ය පරීක්ෂණ 3500ක් සිදු කර තිබෙන අතර, ඇස් කණ්ණාඩි බෙදාදීම් 1000ක් සිදු කළ බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාර්යාලය පවසයි. ඊට අමතරව කාත්තන්කුඩි නගරයේ සිදු කළ සැත්කමේදී සැත්කම් 525ක් සිදු කර ඇත.
මහින්ද අලුත්ගෙදර