Home » ශ්‍රී ලාංකික සරණාගතයන්ට තමිල්නාඩුවේ ස්ථිර නිවාස

ශ්‍රී ලාංකික සරණාගතයන්ට තමිල්නාඩුවේ ස්ථිර නිවාස

by gayan
September 19, 2023 1:00 am 0 comment

තාවකාලිකව රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් සඳහා ස්ථිර නිවාස ලබා දීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තයේ කඳවුරු 19ක ඉදිකර තිබෙන නව නිවාස 1,500ක් ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් වෙනුවෙන් පිරිනැමීමට එම ප්‍රාන්තයේ මහ ඇමැති එම්. කේ. ස්ටාලින් මහතා පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්ථාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති අතර, පසුගිය 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් ගිය දෙමළ ජනතාව සඳහා වූ කඳවුරු පුනරුත්ථාපන කඳවුරු ලෙස නම් කර ඇති බව ද ‍ තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, ඊරෝඩ්, සේලම්, විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක මෙම නිවාස ඉදිකර ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් තවත් පුනරුත්ථාපන කඳවුරු 35ක නව නිවාස 3,510ක් ඉදිකිරීමට ද තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර ඇති බව ද වාර්තා වෙයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT