Home » හපුතලේ නගර සභා පොළ ගොඩනැඟිල්ල ජනතා අයිතියට

හපුතලේ නගර සභා පොළ ගොඩනැඟිල්ල ජනතා අයිතියට

by gayan
September 19, 2023 1:00 am 0 comment

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය සංවර්ධනය සහාය ව්‍යාපෘතිය (LDSP) යටතේ රුපියල් මිලියන 11.7 වැයකොට ඉදිකරන ලද හපුතලේ නගර සභා පොළ භූමියේ නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කිරීම පසුගිය 12 වෙනිදා ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පා.ම මේජර් සුදර්ශන දෙනිපිටිය, ඌව පළාත් පාලන කොමසාරිස් ඩී.එම්.එල්.එච්. දිසානායක,බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ජගත් ආරියරත්න, CDLG සහ LDSP ව්‍යපෘති සම්බන්ධීකාරක සිහාන් සරුක් යන මහත්වරු සහභාගී වූහ.

ඩී. එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT