පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරනු ලබන උඩවලව හදගිරිය පාලමේ වැඩ පසුගියදා අරම්භ විය.
නෙදර්ලන්ත ණය ආධාර යටතේ ක්‍රියාත්මක පෙර සවි පාලම් ව්‍යාපෘතිය මඟින් මෙම පාලම ඉදිකෙරේ. ඉදිකිරීමට යෝජිත පාලමේ දිග මීටර් 52 ක් වන අතර, පළල මීටර් 06 ක් වේ. මෙම සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 180 කි.
මෙම අවස්ථාවට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ද සොයිසා, සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
රක්වාන – ඉන්දික සී. කුමාර