Wednesday, September 18, 2024
Home » කොහොන දිය කඳුරක නිදන් සෙවූ හිමිනම ඇතුළු 7ක් කොටු වෙති

කොහොන දිය කඳුරක නිදන් සෙවූ හිමිනම ඇතුළු 7ක් කොටු වෙති

පොළව ස්කෑන් කරන යන්ත්‍ර‍ත් අත්අඩංගුවට

by gayan
September 19, 2023 1:00 am 0 comment

බදුල්ල මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ දිය කඳුරක් ආසන්නයේ නිදන් හැරීමේ යෙදී සිටි බව කියන චීවරධාරියකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු නවීන ඩිජිටල් වර්ගයේ ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු උපකරණ හා පූජා භාණ්ඩ රැසක් සමඟ ඊයේ (18) දින අලුයම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර 50 හැවිරිදි චීවරධාරියා අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බවත් ගම්පහ ප්‍රදේශයේ පදිංචි 75,60,40 සහ 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙක් සමඟ තල්දෙන පදිංචි 30 සහ 25 හැවිරිදි දෙදෙනෙකු සිටින බවද පොලිසිය පවසයි. අලුයම පහයි තිහට පමණ සිදුකළ වැටලීමේදී ස්කෑනර් යන්ත්‍රයට අමතරව කතුරු, ස්කුරුප්පු නියන්, ගිරයක්, අඩි රූල්, වෝල්ට් 9 බැටරි කැබලි, මංත්‍ර පොත්, හඳුන්කූරු, තෙල් වර්ග, උදලු, අලවංගු ආදිය ද තිබූ බව පොලිසිය කියයි. බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ලද තොරතුරක් මත පොලිස් අධිකාරී බුද්ධික ගුණසේකර මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්්‍යාංශයේ පුරාවිද්‍යා වැටලීම් ඒකකයේ සැරයන් ප්‍රේමචන්ද්‍ර (36892) ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකළ බව ද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය⁣ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බදුල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන සහ සොරණාතොට සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x