Home » අලි බලන්නන්ට පුහුණුවක්…

අලි බලන්නන්ට පුහුණුවක්…

by gayan
September 19, 2023 1:00 am 0 comment

ලංකාවේ ප්‍රථම වතාවට හස්ති භාරකරුවන් (අලි බලන්නම්) පුහුණු කිරීමේ වැඩ සටහනක් ඊයේ 18 වැනිදා කෑගල්ල පින්නවල අලි අනාථාගාරයේ දී ආරම්භ කෙරිණි.

2018 වර්ෂයේ ගෙනා යෝජනාවකට අනුව එවකට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ නියෝජ්‍ය අධ්‍යෂිකා රේණුකා බණ්ඩාරනායක මහත්මීන් කාලයේ මෙම පාඨමාලාව ආරම්භ කිරීමට කටයුතු සිදු කර ඇති අතර සම්පත් දායකත්වය ලබා ගැනීමට ප්‍රමාද වීම හෙතුවෙන් පාඨමාලාව ආරම්භ කිරීමට ප්‍රමාද වී තිබේ. සම්පත් දායකත්වය ලබා ගැනීමෙන් පසුව ඊයේ 18 වැනිදා පෙරවරුවේ පින්නවල සත්වෝද්‍යානයේ දී චාම් උත්සවයක් සංවිධාන කර තිබුණි. වනජීවි හා වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් චන්ද්‍ර හේරත්, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේම කාන්ත මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පාඨමාලාවේ පළමු දින ආරම්භ කෙරිණ.

 

කෑගල්ල විශේෂ චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT