වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියක දී ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත මල් වට්ටියක් රුපියල් 84,000ක ඉහළ මුදලකට අලෙවි වූ අතර එය ප්‍රදේශයේ තරුණයකු විසින් මිලදී ගෙන විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමට කටයුතු කළේය. වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ කටුකුරුන්දේ රතනපාල නාහිමියන් ගේ විසිපස් වන (25 ) ගුණානුස්මරණ පිංකමට සමගාමීව දහම් පාසල් බැති ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, ධර්ම දේශනා, බෝධි පූජා, සහ මල් වට්ටි වෙන්දේසි සහ සර්ව රාත්‍රික පිරිත් දේශනා පැවැත්වීමට සංවිධාන කොට තිබිණි.
ඒ අනුව පහත රට විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින් චෛත්‍යයක අනුරුව සහිත නිර්මාණය කරන ලද මල් වට්ටියක් රුපියල් 84,000 ක මුදලකට අලෙවි විය.
එය ප්‍රදේශයේ තරුණයකු ඉරේෂාන් චතුරංග විසින් මිලට ගන්නා ලදී. විහාරාධිපති හබරකඩ සෝභිත හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත පින්කම් මාලාව පැවත්විණි.
වැලිගම අබේවික්‍රම ගුණරත්න