Saturday, May 10, 2025
Home » බටහිර සංගීත හා නැටුම් තරග ජය ගොන්සාල්වෙස් මහා විද්‍යාලයට

බටහිර සංගීත හා නැටුම් තරග ජය ගොන්සාල්වෙස් මහා විද්‍යාලයට

by gayan
September 19, 2023 1:00 am 0 comment

අධ්‍යාපන අමාත්‍යාංශයේ බටහිර සංගීත අංශය මඟින් සංවිධානය කළ‘සමස්ත ලංකා බටහිර සංගීත හා නැටුම් – 2023’ තරගාවලියේදී සමස්ත ලංකා ප්‍රථම ස්ථාන තුනක් සහ දෙවන ස්ථානයක් දිනා ගැනීමට හලාවත අධ්‍යාපන කලාපයේ වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් බෝලවත්ත ගොන්සාල්වෙස් මහා විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායම සමත් වී ඇත.

එම තරගාවලියේ බී කාණ්ඩයෙන් තරග කළ ගොන්සාල්වෙස් මහා විද්‍යාලය සමූහ මිශ්‍ර සංගීත භාණ්ඩ වාදනයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත්, ජ්‍යෙෂ්ඨ සමූහ මෙලෝඩිකා වාදනයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත්, ජ්‍යෙෂ්ඨ පිරිමි ඒකල රෙකෝඩර් වාදනයෙන් එස්.මනෝජ් ශිෂ්‍යයා සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් හිමි කර ගත් අතර, කනිෂ්ඨ සමූහ මෙලෝඩිකා වාදනයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී. පාසලේ විෂයක් ලෙස සංගීතය හැදෑරීමක් කරන දරුවන් පිරිසක් සිංහල විෂයභාර ගුරුතුමා විසින් පුහුණු කිරීමෙන් ලබා ගත් ඓතිහාසික ජයක් ලෙසින් මේ ජයග්‍රහණ හඳුන්වා දිය හැකි ය. ඉතා අඩු පහසුකම් යටතේ පුහුණුවීම් කරමින් පසුගිය වසරේ මෙන්ම මෙවරත් ඉදිරිපත් වූ තරග සියල්ලෙන්ම සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගැනීම විශේෂත්වයකි. විදුහල්පති ගීත් ප්‍රනාන්දු මහතාගේ නිවැරදි මඟපෙන්වීම යටතේ මෙම දරුවන් පුහුණු කරන ලද්දේ විද්‍යාලයේ සිංහල විෂයභාර ආචාර්ය සුනෙත් ජයසංඛ මහතා විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT