වැල්ලවාය අධ්‍යපන කලාපයට අයත් බුදුරුවගල ජාතික පාසලේ පැවැත්වූ ප්‍රථම ශිර්ෂාභරණ පැලඳවීමේ කලඑළි මංගල්‍යය විද්‍යාලයේ සිසුවියන් 16 දෙනකුගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් විද්‍යාලීය එළිමහන් වේදිකාවේදී පවත්වන ලදි.
විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේරත්, වැල්ලවාය කලාපයේ සෞන්දර්ය විෂය භාර වසන්තා රෝහිණී දිසානායක, විද්‍යාලයේ හිටපු විදුහල්පති සිරිනන්ද ධර්මකීර්ති යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය කලාපයේ සියලු පාසල්වල නර්තන විෂයභාර ගුරු මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම කළඑළි මංගල්‍යය පවත්වන ලදි.
ආගමික වතාවත් කිංකිනි රාජ මහා විහාරයේ විහාරාධිපති හඳපානාගල සුගීස ස්වාමින් වහන්සේ විසින් සිදුකරන ලදි.
පාසැල් නර්තනාචාර්ය ඒ. එම්. ඉරෝෂා දර්ශනී අත්තනායක මහත්මියගේ මඟපෙන්වීම හා උපදේශකත්වය යටතේ මෙම සිසුවියන්ගේ ශිර්ෂාභරණ පැලඳවීමේ හා කලඑළි මංගල්‍යය පවත්වන ලදි.
මේ අවස්ථාවට යාලබෝව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අමන්දා ධර්මදාස, වෙහෙරයාය කනිටු විදුහලේ විදුහල්පති නිර්මලී ශාන්තී හේවාමද්දුම, බුදුරුවගල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති චන්ද්‍රිකා සෙල්ලහේවා යන මහත්මීහු එක්වූහ.
වැල්ලවාය විශේෂ ජී. අයි. ආර්. ගරුසිංහ