206
දකුණු පළාත් සභාවේ මුදල් ප්‍රතිපාදන මත කැල්ලපත වත්තෙහේන මාර්ගයේ, නාරංඕවිට ජයලත්ගොඩ මංසන්ධියේ පිහිටි අබලන් පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කිරීම දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්‍ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදුකරනු ලැබීය. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චම්ලි විතානාච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ඇල්පිටිය සමූහ චන්ද්‍රසිරි ගුණසේකර