Thursday, September 28, 2023
Home » බීච් ආ යුවළගේ ක්‍රෙඩිට්කාඩ් උස්සා බඩු ගත් ට්‍රිබල දැලේ

බීච් ආ යුවළගේ ක්‍රෙඩිට්කාඩ් උස්සා බඩු ගත් ට්‍රිබල දැලේ

by gayan
September 19, 2023 1:00 am 0 comment

පානදුර වෙරළේ සිරි නරඹමින් සිටි යුවළක් පැමිණි ත්‍රිරෝද රථයේ තිබූ ගමන් මල්ලක් සොරකම් කර එහි තිබූ ක්‍රෙඩිට් කාඩ්වලින් මුදල් වංචා කළ තිදෙනකු CCTV දර්ශන උපයෝගී කරගනිමින් අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත.

පින්වත්ත, වලපල සහ කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි 36, 52 සහ 55 වියැති පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය. හොරණ ප්‍රදේශයේ අඹුසැමි යුවළක් පානදුර වෙරළට පැමිණ ත්‍රිරෝද රථය ගාල්කර වෙරළේ කතාබස් කරමින් සිටියදී කාන්තාවගේ ජංගම දුරකථනයට මැසේජ් දෙකක් ලැබී පරීක්ෂා කිරීමේ දී ඇයගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් භාණ්ඩ මිලදී ගන්නා බවට දැනගන්නට ලැබී පැමිණිලි කර ඇතැයි පොලිසිය කිය.

ඒ අනුව උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ ඇතුළු පොලිස් කණ්ඩායම වෙළඳසල සහ අවට පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගමන් මල්ලේ තිබූ මැණික් ගලක් අල්ලන ලද රන් පෙන්ඩනයක්, ක්‍රෙඩිට් කාඩ්පත් සොයාගත් බව ද පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි. මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ, සැරයන් ඉන්දික (9476), කොස්තාපල්වරුන් වන ජයවික්‍රම (99513), බණ්ඩාරනායක (100014), බණ්ඩාර (100265), මධුමාල් (100103) වැටලීමට එක්වූහ.

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT